Jump to content

මාධ්‍යයේ බලපැම සහ මිත්‍යාව වැපිරීම

50% developed
Wikibooks වෙතින්
             වර්තමාන ඡනමාධ්‍ය පිළිබදව අවධානය යොමු කරන විට එය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වර්ග කර දැක්විය හැකිය

.එනම් රඡය සතු ඡන මාධ්‍යය ව්‍යුහය,ව්‍යාපාරික ප්‍රඡාව සතු ඡනමාධ්‍යය හා රාඡ්‍ය නොවන ඡනමාධ්‍ය ව්‍යුහයයි. මේ අතුරින් වර්තමානයේ ඉතා ප්‍රබලම ඡනමාධ්‍ය ව්‍යුහය ලෙස නැගීසිටිනුයේ පෞද්ගලික ඡනමාධ්‍ය ව්‍යුහයයි. ප්‍රධාන වශයෙන් වර්තමාන ශ්‍රි ලංකාවේ ඡන මාධ්‍ය ව්‍යුහය ඵිළිබද සලකා බැලීමේදී පෙනී යන එක් කරුණක් වන්නේ

පුද්ගලික ඡනමාධ්‍ය ප්‍රධාන වශයෙන් එක් පවුලක් හෝ එක් පුද්ගලයෙකු වටා එසේත් නැත්නම්
පුද්ගලයින් කණ්ඩායමක් වටා කේන්ද්‍රගත වී තිබීමයි.
             ශ්‍රි ලංකාවේ ඡනමාධ්‍යය ශ්‍රි ලංකාවට උචිතවන ආකාරයෙන් සකස් කර ගැනීම ඉතාම වැදගත්ය.

කෙසේ වුවද වර්තමාන ඡනමා‍ධ්‍යය බටහිර ඡනමාධ්‍යය අනුකරණය කරන ආකාරයක් දැකගත හැකිය. යහපත් ඡනමාධ්‍ය සංස්කෘතියක් එම රටේ ප්‍රෟඪත්වය,සදාචාරාත්මකබව මැනවින් නිරූපණය කිරීමට සමත් ‍වේ. අප රටේ ඡනමාධ්‍ය තුළ ප්‍රාග්ධන හිමිකාරීත්වයේ ආධිපත්‍යය මාධ්‍ය කලාව කෙරෙහි බලපා ඇත. වර්තමානයේ රාඡ්‍ය මාධ්‍යයන්හි දක්නට ඇත්තේ රඡය විසින් කරනු ලබන පත්කිරීම්ය. ඒ සියල්ල පාලනය කරනුයේ පවතින රඡය විසිනි.එසේම පෞද්ගලික ඡනමාධ්‍යයන් ප්‍රාග්ධන හිමිකාරීත්වයේ අවශ්‍යතාවයන් මත ක්‍රියාත්මක වේ.නමුත් කිසිවෙකුටත් මෙයින් වැලකීමට හැකියාවක් නොමැති වීමද ගැටලුවකි.කෙසේ වුවද එය මාධ්‍යකරුවාගේ වෘත්තීමය තත්ත්වයට බාධා පමුණුවන කරුණකි.මාධ්‍යකරුවාගේ පැවැත්ම රදාපටතිනුයේ ඉහත පක්ෂපාතීත්වය

ඇත්තේ නම් පමණි.මෙය යහපත් ඡනමාධ්‍යයක ලක්ෂණයක් නොවේ.එය නොදියුණු
ඡනමාධ්‍යයක ලක්ෂණ කියාපානු ලබයි.
              දියුණු මාධ්‍ය සංස්කෘතියක් යනු මාධ්‍ය නිදහස,මාධ්‍ය අත්හදාබැලීම්,මාධ්‍ය පර්යේෂණ,
බුද්ධිමත් මාධ්‍යකරුවන්,මාධ්‍ය කලාවක්,විවිධාකාර ග්‍රාහක පිරිස්වල අවශ්‍යතාවයන් ඉටුකරන 

මාධ්‍යඡාලයක් ඇති පරිපූර්ණ කලාවකි.නමුත් මෙම කරුණු වර්තමාන ඡනමාධ්‍යයන් තුළින් දැකිය

හැකිද යන්න ගැටලුවකි.විශේෂයෙන් පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය පිළිබද විමසා බැලීමේදී ඒවා‍යේ
හුදු අරමුණ වී ඇත්තේ වෙළදපොළ තුළ හොද නමක් දිනාගැනීම හා මුදල් ඉපයීමයි.ඔවුන්ට සමාඡ
වගකීමක් පිළිබද තැකීමක් නැත.භාෂාව පිළිබද,සදාචාරාත්මක රාමු පිළිබද,පුරුෂාර්ථ හරපද්ධතීන්හි
වටිනාකම් පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් ගණන් ගන්නේ නැත.මෙම කරුණු පිළිබද තැකීමක් 

නොකරන නිසාම විකාශනය තහනම් කිරීම යනාදී ගැටලු වලටද මුහුණපෑමට අතැම් ඡනමාධ්‍යවලට සිදු වී ඇත. ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත්කිරීම වෙනුවට ඔහුගේ බුද්ධිය මොටකරන්නට කටයුතු කරන ආකාරයක් බොහෝ නූතන ඡනමාධ්‍යයන්හි දක්නට ලැබේ.

              කුඩාදරුවන්ට දෙමාපියන් සමග එකට ඉදගෙන නැරඹිමට හැකි වැඩසටහන් විකාශනය 

වන්නේ කොතරම් අඩු ප්‍රමාණයක්දැයි ඡනමාධ්‍ය පරිහරණය කරන ඕනෑම කෙනෙකුට අවබෝධ වන්නකි. රූපවාහිනි‍යේ විකාශනය වන බොහෝමයක් ටෙලිනාට්‍යවලින් නූතන පවුල් ඒකකය තුළ සිදුවන

බන්ධනයන් හා ඛණ්ඩනයන් නිරූපණය කෙ‍රේ.මේවා සමාඡයට පිළිලයක් වී හමාරය.දරුවන් 

දෙමාපියන් අතික්‍රමණය කරන තත්ත්වයට පත් වී ඇත.ඊට ප්‍රධාන හේතුව ඡනමාධ්‍ය විසින්

කුඩාදරුවන්ගේ මනසට විෂ පෙවීමයි.ඊළගට පැනනගින ගැටලුව වන්නේ මෙම තත්ත්වය
වෙනස් කළ හැක්කේ කෙසේද යන්නයි.
               ඇතැම් පුද්ගලයින්ගේ අදහස වන්නේ මෙවැනි ඡනමාධ්‍ය නාලිකා සහ එම වැඩසටහන්
උදෙසා වාරණයක් පැනවිය යුතු බවයි.නමුත් එය වාරණයක් මගින් මැඩපැවැත්වීමට වඩා තමන්
විසින්ම ස්වයං වාරණයක් පනවාගැනීම තුළින් වළක්වාගන්නේ  නම්  කොතරම්  අග‍නේද?
 එසේම  යහපත්  ඡනමාධ්‍යය සංස්කෘතියක් නිර්මාණයට උත්සුක විය යුතුය.ඒ සදහා සාරපූර්ණ
වැඩසටහන්,යෝග්‍ය භාෂාව,නිර්මාණශීලී කතිකත්වයක් යනාදී ගුණාංග ඡනමාධ්‍යවේදීන් තුළ 

දියුණු කළ යුතුය.එවිට ඡනමාධ්‍යයේ යහපත් බලපෑමක් හා මිත්‍යාවෙන් වියුක්ත වු ඡනමාධ්‍ය

නැගීමක්ද දැකගත හැකිය.


                                 සංස්කරණය-එල්.සඡිතා ප්‍රියදර්ශනී පෙරේරා.
                                 AF/3766
                                 AR/54451
                                 SINH 2105-භාෂාව,සන්නිවේදනය හා පරිගණක තාක්ෂණය.