C හා C++ සිංහලෙන්/පළමු උදාහරණයේ සැඟවුණු කරුණු

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

අපි පසුගිය ලිපියෙන් සාකච්ඡා කළ, පළමු C උදාහරණයේ සැඟවුණු කරුණු ගණනාවක් තියෙනවා. අපි ඒ එක එකක් ගැන මෙහිදී කතා කරමු.


මුලින්ම C Program එක පටන් ගන්න කොටම ලියන int main() { යන පේලිය ගැනයි කතා කරන්න තියෙන්නෙ. මේකෙ main() කියන්නෙ ඔය අපි ලිව්ව program කෑල්ලෙ නම්. ඒ නම අපට මොන විදියකින්වත් වෙනස් කරන්න බෑ. Run වෙන ප්‍රධාන Program කොටසෙ නම main() ම විය යුතුයි.


දෙවෙනි කාරණේ එම කොටසෙම int යන කොටස ගැන. ඒ කියන්නෙ මෙම Program කොටසෙන් අපට ලබා දෙන යම් අගයක් තිබේ නම් එහි Data Type එක කුමක්ද යන වගයි. මෙහිදී, මෙම Program කොටසෙන් අපි කළේ යමක් තිරයේ දිස් කළ එකයි. නැතිව යම් අගයක් කාටවත් (මම කිව්වෙ වෙන මොන Program එකකටවත්) ලබා දුන්නෙ නෑ. එහෙත් ඉදිරියේදී අපි මෙම Program කොටස්වලින් ලබා දෙන අගයයන් ගැන වැඩි විස්තර කතා කරන්න වෙයි. දැනට නිහඬ වෙමු.


තුන්වෙනුව අන්තිම පේලිය වන return 0; යන්න ගැන කතා කරන්න වෙනවා. අපි main() වලින් ලබා දෙන අගයේ Data Type එක int හෙවත් පූර්ණ සංඛ්‍යාවකි යැයි මුලින් කී නිසා පාවිච්චි කළේ නැතත්, යම් අගයක් නිකුත් කරන්න වෙනවා. 0 කියන්නෙ int ගණයට අහු වෙන පූර්ණ සංඛ්‍යාවක් (අහු වෙන අහු නොවෙන අගයයන් ගැන පසුව කතා කරමු.). ඒ නිසා int main() කියල ලිව්වොත් යම්කිසි අගයයක් return කළ යුතුමයි. ඒත් void main() කියල ලිව්ව නම් මේ පේලිය අවශ්‍ය වෙන්නෙ නෑ. නොලිය යුතුයි.


තවත් කාරණයක් තමයි, Windows මත වැඩ කරන MinGW මඟින් ගත් gcc වලදී නම් අවසාන සඟළ වරහනට පසු අමතර Enter එකක් ටයිප් කරන්න වීම. එහෙම නැතුව Program එක වැඩ කරන එකක් නෑ.


ඒ වගේම මේ Program එක ටයිප් කරද්දි යම්කිසි වැරැද්දක් වුණා නම් ඒක Compile වෙන එකක් නෑ. යම්කිසි වැරැද්දක් ඇති බව පෙන්වයි. එවිට ඒ වැරැද්ද හොයාගෙන ඒක නිවැරදි කර නැවත Program එක Save කර Compile කරන්න.


C සඳහා පළමු උදාහරණය · C සඳහා දෙවන උදාහරණය