ලුසියානා ප්‍රංශ/හඳුන්වාදීම
Jump to navigation
Jump to search
ලුසියානා ප්‍රංශ
ග්‍රන්ථ නාමාවලිය •
වරපත |
හඳුන්වාදීම[සංස්කරණය]
ලුසියානා ප්‍රංශ ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ලුසියානාහි කේජන්, ක්‍රියෝල් සහ ඇමරිකානු-ඉන්දියානු ප්‍රජාවන් කථාකරන ප්‍රංශ භාෂාවේ ප්‍රභේදයන් ය. මෙම පොතෙහි අරමුණ පාඨකයාට ලුසියානා ප්‍රංශ කියවීමට, ලිවීමට හා කථාකිරීමට ඉගැන්වීමයි. කෙසේ වුවත්, අපි ප්‍රධාන ලෙස කේජන් ප්‍රංශ දක්වා පමණක් සීමා වෙන්නෙමු. ලුසියානා ප්‍රංශවල වාග්මාලාවේ හා ව්‍යාකරණවල බොහෝ කොටසක් ලොව පුරා කථා කරන ප්‍රංශවලට (අප ජාත්‍යන්තර ප්‍රංශ ලෙස හඳුන්වන) සම්බන්ධ වේ, ලුසියානා ප්‍රංශවල අනන්‍ය ලක්ෂණ හෙළිකරන පාඩම් හා උදාහරණ ගැන අපි අවධානය යොමු කරන්නෙමු.