වෙනස් වෙන ගමක සාරධර්ම
වෙනස් වෙන ගමක සාරධර්ම
පූර්විකාව
ශ්‍රී ලංකාව ගම්වලින් සැදුණු රටකි. එහි ලොකු කුඩා ගම් දහස් ගණනකි. ඉන් සමහරක් ඈත අතීතයෙහි සිට පැවත එන පුරාණ ගම් ය. සමහරක් මෑත අතීතයේ බිහි වුණු අලුත් ගම් ය. සමහරක් ගොවිතැනින් බතින් සරුසාර වුනු ගම් ය. සමහරක් වෙනත් කර්මාන්තවලින් දියුණු වුණු ගම් ය. ලංකාවේ නගරයක් හෝ පුරයක් බවට පත්වී ඇත්තේද කලක් ගමක් වශයෙන් පැවති ඒකකයකි.මෙරට මුල්ම අගනුවර වශයෙන් අවුරුදු එක්දහස් පන්සිය වසරක් බැබළුණු අනුරාධපුරය මුලින්ම උපන්නේ අනුරාධග්‍රාම වශයෙනි.
මේ කවර ගමක හෝ ජීවත් වන්නෝ ගැමියෝ ය. ගැමියා තමාට ම විශේෂ වුණු බස් වහරක් ද සිරිත් විරිත් සමුදායක් ද භාවිත කරයි. ඒ සියල්ලටම පාදක වන්නේ ඔහු සතු සාරධර්ම පද්ධතියයි.බස් වහරත් සිරිත් විරිත් සමුදායත් කලින් කලට වෙනස් වේ. එහෙත් සාරධර්ම පද්ධතිය හැමදාම එක සේ සාරව පවත්වාගත යුතුය. සාරධර්ම යනු එක් කලකට පමණක් සීමා වූවක්නොව හැමදාටම බලපාන පොදු වූ ගුණධර්ම පද්ධතියක් බැවිනි.
ගමක සැබෑ දියුණුව ඇතිවන්නේ එහි ඉදිවන වැව් අමුණු-කෙත් වතු- මං මාවත්-ගේ දොර-සිප් හල්- කඩ සාප්පු හා වෙහෙර විහාර නිසා පමණක්ම නොවේ. එහි වෙසෙන මිනිසුන්ගේ ගුණාත්මක භාවය නිසාය. ඒ ගුණාත්මක භාවය ඇතිවන්නේ ඔවුන්ගේ සිතුම් පැතුම් මෙහෙයවන සාරධර්ම පද්ධතිය නිසාය. මිනිසා හදා ගම හදන්ටත්, ගම හදා රට හදන්ටත් රාජ්‍ය පාලකයන්ගේ අවධානය යොමු විය යුත්තේ එබැවිනි.
වෙනස් වන ගමේ සාරධර්ම සමහරක් හෙළි පෙහෙළි කිරීමේ අරමුණින් මා කළ දේශනයක් මෙහි පළ වේ. මේ දේශනය පවත්වන ලද්දේ ඩී. ඒ. රාජපක්ෂ ගුණානුස්මරණ දේශන මාලාවේ 2006 වර්ශයේ දේශනය වශයෙනි. 2006 නොවැම්බර් 26 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු මේ දේශනය මානව සාරධර්ම අගය කරන කාටත් ප්‍රයෝජනයක් වනු ඇතැයි සිතා මෙසේ පොත් පිංචක් වශයෙන් පළ කිරීම අගය කල යුත්තකි.
ජේ.බී.දිසානායක