"උග්ගල් අලුත්නුවර" හි සංශෝධන අතර වෙනස්කම්

Wikibooks වෙතින්
Content deleted Content added
14 පේළිය: 14 පේළිය:


== '''ඉතිහාසය අනාවරණය සදහා පුරාණ ලේඛනයන් ලෙස හමුව ඇති ප්‍රාථමික මූලාශ්‍රයන්හි විශ්වස්‍යතාවය හා වලංගුතාවය''' ==
== '''ඉතිහාසය අනාවරණය සදහා පුරාණ ලේඛනයන් ලෙස හමුව ඇති ප්‍රාථමික මූලාශ්‍රයන්හි විශ්වස්‍යතාවය හා වලංගුතාවය''' ==

== ''' සැළසුම් කළ පුරාණ ඔසු උයනක්.......? උග්ගල් අලුත්නුවර ...! ==

ස්වාභාවික නොඉඳුල් වන ගහනය නිමවන සීමාව පුරාණයේ වැවූ කළැවැනි තත්වයකට පත්වන ආකාරය හැකි මේ පුරාණ දේවාල පරිශ්‍රය ළංවද්දී දක්නට හැකිය. අතීතයේ සිට දේවාල පරිශ්‍රයට ආසන්නයේ ළඳු කැළෑවල බහුල වශයෙන් කැකුණ, පේරවර්ග, කොතල හිඹුටු, හිඹුටු, “නෝනපලං” යනුවෙන් හැඳින්වූ පැෂන්පෲට් වැල්, කැළැ කෙසෙල් හෙවත් ඇට කෙහෙල් වැල් වැල්රුක් අත්තන හා මාවේවැල්, හීන් වේවැල් ද බහුලවූ අතර, දෙල්, කොස්, කැළෑ දෙල්, ගොරක, පොල්, තල්, පුවක්, අඹ, සුදුහඳුන්, කෙසෙල්,නාරං වර්ග, හල්, දොඩම් සහ මුරුංගා වැනි දේ අතරින් සමහරක් සෘජුවම ආහාර සඳහා ද ඖෂධ වර්ග වෙනුවෙන්ද පලොල්, රණවරා, ඇහැළ, නා, කහට, නෙල්ලි, අරළු, බුළු, දෘතරාෂ්ට්‍ර,වල්ලපට්ට,කුඩුදවුල, මී,තල්, පොල්, පුවක්, උක් , කොහොඹ, රුක්අත්තන වැනි විශාල ඖෂධීය ශාඛ වශයෙන් ප්‍රයොජනවත් ඒවා ද විය. දේවාල පෙරහර මගින් සීමාවන පූජාභමි පරිශ්‍රය ද අඩි 3ක් හෝ 4 ක් පමණ ලඳු කැළෑවකින් වැසී තිබෙනු දක්නට හැකිවිය.මේ තත්වය 1980 දශකය දක්වාම විය. පෙරහර නිම වීමෙන් අනතුරුව ඊ ළඟ වසරේ පෙරහර එනතුරු කුඩා ලන්දක් වැවෙයි. එහි දක්නට ලැබුණේ හෙල වෙදකමේ දී මහත්සේ උපයෝගීකරගත් ඖෂධීය පැළෑටි පමණක් බව පෙනී යයි. මෙහි සෑම ගෙවත්තකම දක්නට හැකිවූ කැකුණ ගස්වල ගෙඩි වලින් ලබාගත් තෙල්, ගෙවල් අඳුර දුරු කරන පහන් සඳහාත් පෙරහර මග එළියකරන පන්දම් වැටි සඳහාත් උපයෝගී කරගත් බව කියවේ. කැකුණ පන්දමේ ආලෝකය ඇස්වලට ගුණදායක ඔසුවක් වන බව මෙහිම සිටින පුරාණ වෙදදුරන් පළකරන වැදගත් මතයකි.(කළකට පෙර වියෝ වූ පුරාණ පාරම්පරික අක්ෂි වෛද්‍ය මැණික් අප්පුමහතා ගේ ප්‍රකාශයකි.) මේ ශාඛ සමගම සර්වාංග හෙළ වෙදවරුන්, හෙළ වින්නඹුමාතාවන්, යම්යම් රෝග සඳහා විශෙෂඥ හෙල වෙදුන්ද විය. එම වෙදකම් තවමත් සුරැකි තිබීම ඇතැම්විට වාසනාවක්. එහි නරක ලක්ෂණය වී ඇත්තේ නිධානවේදය පිරිහී යමින් ඔෂධ වට්ටෝරු පමණක් ඉතිරි වන ලකුණු ඇති බවය. කලින් සඳහන් කළ අක්ෂි වෛද්‍ය මැණික්අප්පු මහතා සතුව තිබූ රෝත නිධානවේදයේ සමහර කොටස් අතුරුදහන්ව ගොසිනි. එතුමාගේ දියණිය පියාගේ ඇවෑමෙන් අදටත් රත්නපුර ආයූර්වේද රෝහලේ විශේෂඥ අක්ෂිවෛද්‍ය සේවයේ නියැලෙන්නීය. ඇයට සිය පියාගේ රෝගනිධාන සෙවීමේ ක්‍රමය තමා ලාබාලව සිටිහෙයින් සම්පූර්ණයෙන් ලබාගන්නට අවස්ථාව නොලැබුණ බව කියන්නීය. මේ වෛද්‍යවරයා අතිපූජ්‍ය අග්ග මහා පණ්ඩිත බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහ නාහිමි සමිඳුන් සිය ඇස් සඳහා වෙදකම් ගෙන ප්‍රශංසාවට ලක්විය. මහනාහිමිසඳුන්ගේ අනුදැනුමෙන් රත්නපුර ආයූර්වේද රෝහලේ විශේෂඥ සේවයට පත්ව වයෝවෘද්ධව අභාවප්‍රාප්ත වනතුරුම මේ වෛද්‍යවරයා සේවයේ නිරත විය. මේ හැර නොයෙකුත් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ද ප්‍රදේශයේ වූහ. හෙල සම්ප්‍රදාය අනුව ප්‍රසූතියේ දී විශේෂ සමත්කම් දැක්වූ කාන්තාවන්ද 1960 දශකය වනතුරු වූහ. දැනටත් ඔවුන්ගේ දස්කම් පිළිබඳ ජනතා මතකයේ ඇති දේවල් හාස්කම් වැනි ඇදහිය නොහැකි දේවල් වේ.

# බහුලව හීන් බැවිල සහ මහ බැවිල වශයෙන් හඳුන්වන බැවිල වර්ග
# බහුලව හීන් තෝර සහ මහ තෝර ඇත්තෝර වශයෙන් සියලුම තෝරවර්ග
# බහුලව හීන් බොටියා සහ මහ බෝටියා
# බහුලව කටුතම්පලා සහ රත්තම්පලා වැනි තම්පලාවර්ග
# බහුලව ගෙඳ හා බිම් හීන් කූර මහකූර ඇතුළු කූරවර්ග
# මුකුණුවැන්න වර්ග, ගොටුකොලවර්ග
# ගොඩ කොහිල, නික, රට එඬරු
# වේලා, කටු අනෝදා සහ වල් අනෝදා
# සන්නිනායම්, මදුරුතලා සහ රටතලා
# වැටහිර හෙවත් පත්පාඩගම්
# ඉරවේරිය හා ඒකාවේරිය
# උඩහළු වැල් සහ පෙනෙල වැල්
# පින්න
# ගොකටු
# මෑල්ල
# බිංපොල් හා බිංතල්
# දැනට ඉතා දුර්ලභ බිංකොහොඹ
# එළවරා
# පිල වර්ග
# කරල්හැබ
# සම්මැට්ටිය
# හීන් රත්මල්
# වල්ලූණු
# හෙන්දිරික්කා
# කොහිල ගාල්
# බුත්සරණ
# සියලුම හබරල වර්ග
# රත්මල්
# හෙන්දිරික්කා
# සමන්පිච්ච,ගැටපිච්ච ඇතුළු පිච්ච වර්ග
# ඉද්ද වල්ගම්මිරිස් කුඩුමිරිස්
# නිදිකුම්බා

ආදි රාශියකි. ඊ ළඟ ඇසළ මස තෙක් වැවෙන මේවා පෙරහර කිට්ටු වනවිට ඵලදරා නව පැළෑටි ජනිත කිරීම පිණිස මැලවී යමින් තිබෙනවා වැනිය. අත්තනායක මොහොට්ටාල නම් වූ දේවාලයේ විධායක මණ්ඩලයේ ප්‍රධානයා හැර අන් සෑම රාජකාරි ඇත්තන්ටම පෙරහරේ සාම්ප්‍රදායික විශ්ෂිත රාජකාරියට අතිරේකව තවත් කටයුත්තක් පැවරී තිබූ බව 1870 කොමසාරිස් ලේඛනය ද පෙන්වා දෙයි. මෙය පංගුරැහිම යනුවෙන් හැඳින්විනි. “පෙරහරට පෙරාතුව වීදියේ හත්රියනක් රැහැලා සුද්ද කිරීම” යනුවෙන් නියමව ඇත්තේ ඉහත පැළැටි සහිත බිම පෙරහරට සූදානම් කිරීම පිණිසය. පෙරහරින් පසුව එන වප් වැස්සත් සමග බිම වැටී සුදුසු පරිදි පදම්ව තිබූ ඉහත කී ඖෂධ පැළෑටි දළුලා නවමු ලෙස වැඩීම සුලභ ලක්ෂණයක් වශයෙන් තිබූණි. ගැමියන්ට මැල්ලුම් හා සලාද වර්ග පිළිලෙ කිරීම පිණිස අවැසි දෑ ද වෙදැදුරන්ට බෙහෙත් වර්ගද නෙලා ගැනීමට අවස්ථාව ලැබෙයි. 1980 ට පෙර වසර වල මෙසේ ඵලා නෙලන ගැමියන්ද ඖෂධ වර්ග නොලා ගන්නා වෛද්‍යවරුන්ද දේවාල පරිශ්‍රයේ සුළභ විය. මෙතෙක් විස්තර කළ තොරතුරු අනුව දේවාල පරිශ්‍රය “පැරැන්නන් ඇති කර තිබූ ඔෂධ උද්‍යානයක් විය හැකිය” යන නිගමනයකට පැමිණීම අපහසු නොවේ. බිම්මට්ටම හෝ අඩි 3 ක් හෝ 4 කට වඩා උස නොයන ඔෂධීය පැළෑටි පූජා භූමියේද දෙමට, පලොල්, කහට, අරළු, බුළු සහ ගම්මාළු වැනි වනස්පති ඔෂධීය ශාඛ තදාසන්න වතුවලද වවා තිබුණා වැනිය.


== '''ජනාවාසවීම සහ ප්‍රාග්ඓතිහාසික උග්ගල් අලුත්නුවර''' ==
== '''ජනාවාසවීම සහ ප්‍රාග්ඓතිහාසික උග්ගල් අලුත්නුවර''' ==

08:49, 17 සැප්තැම්බර් 2011 තෙක් සංශෝධනය

පටුන

  • ආරම්භය

ඉතිහාසය අනාවරණය සදහා පුරාණ ලේඛනයන් ලෙස හමුව ඇති ප්‍රාථමික මූලාශ්‍රයන්හි විශ්වස්‍යතාවය හා වලංගුතාවය

ජනාවාසවීම සහ ප්‍රාග්ඓතිහාසික උග්ගල් අලුත්නුවර

පුරාණයේ මැදගම වනාන්තරය යනුවෙන් ව්‍යවහාරයේ තිබූ බවට සාධක ඇති මේ පෙදෙස "එතරවා කෝරලය" වශයෙන් හැඳින් වූ පාලන ඒකකයක්ව තිබූ බවද පුරාණ ලේඛන අනුව පෙනේ.වනගහය නිසා මේ පෙදෙස පුරාණයේ සිට සැඟව පැවති විදේශ සතුරු උවදුරුවලදී රජදරුවන් ඇතුළු ප්‍රභූවරුන්ට ආරක්ෂිත පෙදෙසක්ද වී ඇති බව පෙනී යයි. ජාතික ඉතිහාසය හදාරන්නට උපකාරවන ප්‍රකට ලේඛනයන්හි, මේ ප්‍රදේශයේ පුවත් සෙවීම අසීරුය. සමහරවිට තවමත් අප්‍රකටව ඇති පුරාණ ග්‍රන්ථයක් වූ "උත්තරවිහාරවංශය" හෝ "උත්තරවිහාරට්ඨ කතාව" වැනි ග්‍රන්ථතුළ මේ ප්‍රදේශය පිළිබඳව සටහන් තිබෙනවා වන්නට පුළුවන. උග්ගල් කල්තොට, බුදුගල පධානගර, තංජන්තැන්න, කූරගල හා හඳගිරිය වැනි පෙදෙස්වල දක්නට ලැබෙන ඇති ක්‍රි.පූ. 2 හෝ 3 වැනි සියවස්වලට ගිනිය හැකි නටබුන් හා ගිරි ලිපි ලෙන් ලිපි ආදියෙන් අනාවරණය වන තොරතුරු හරිහැටි හඳුනාගන අර්ථකථනය කරමින් පෙළ ගැසිය හැකි සාහිත්‍යමය මූලාශ්‍ර තවම හමුව නොමැත. වරින්වර අපගේ පුරාණ පොත් පත් ගිනිතැබූ අවස්ථා පිළිබඳ වාර්තාවන් ඉතිහාසය තුළ හමුවන හෙයින් බොහෝ ඉතිහාස පුවත් සැඟව පැවතීම අරුමයක් නොවේ. උග්ගල් අලුත්නුවර ආශ්‍රිත ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක කැනීම් තවමකර නැත. මතුපිටින් ප්‍රකටව පෙනෙන පුරාවිද්‍යා වටිනාකම් සහිත සම්පත් පිළිබඳ විමසීමේ දි මෙය ලංකාවේ මධ්‍යකාලීන යුගයට වඩා පැරණි ජනාවාසයක් නොවන බව පැහැදිලිවේ. එහෙත් මෙයස ප්‍රාග් කේම්බ්‍රීය යුගයට අයත් ‍පුරාණ බිම්කඩක් බැවින් ද ශිෂටාචරවත් මිනිසුන් සිටි බව හැඟවෙන තදාසන්න පෙදෙස් වල කර ඇති පර්යේෂණ වාර්තා පිළිබඳ සලකන විට මේ පෙදෙසේ ද ප්‍රාග්ඓතිහාසික තොරතුරු අනාගතයේදී අනාවරණය කෙරෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මහාචාර්ය දැරණියගල ශූරීන් වැනි විද්වතුන්ගේ ගවේශන මගින් බළන්ගොඩ පෙදෙස ඉතා අතිතයේ සිටම මිනිස් වාසභූමියක්ව පැවති බව පෙන්වා දෙයි. එහෙයින් උග්ගල් අලුත්නුවර ප්‍රාග් ඉතිහාසගත තොරතුරු වඩා නිවැරදිව අනාවරණය අනාගතයට භාරවන්නකි. ක්‍රි.ව.1385 හෙවත් ශකවර්ෂ 1304 සූරිය මහරජතුමා විසින් මැදගම වනාන්තරයේ කතරගම දෙවියන් උදෙසා මෙහි මුල්ම දේවාල ගොඩනැගිලි කර ඇති බව පුරාණ ලියවිල්ලේ සඳහන් වෙයි.


ශලුත්සකන් තුන්සිය වරුසෙට හිමි දුරුතු මසේ පුර සද‍       කාලේ
ගලුත් කඩා කටු කණුමුල් උදුරා සීමා පවුරකි මැද           මාලේ
දිලුත් එරන්කොත් නවයක් තිබුණයි ශක්‍ර පුරය බදු ඒ         කාලේ
දිලුත් ඒ දික්පති සූරිය නෙරපති කෙරව්ව මැදගම          දේවාලේ


වශයෙන් ගමේ ප්‍රකට ජන කවිය ද ජනප්‍රවාදයේ පවතින ජනකතාවන්ද අනුව ගම්පල රාජධානි සමයේ ආරම්භවන ඉතිහාසපුවතක් බවට ආලෝකය ලැබෙයි. මේ අවදිය ගම්පල රාජධානියේ 5 බුවනෙකබාවන් රජකළ සමයයි. මෙහිදී කියවෙන සූරියමහ රජු යන්නේ භාවිතව ඇත්තේ රජවරුන් තමන් හඳුන්වාගත් සූර්ය පොළපත යන අදහස වන්නේ නම් "සමහරවිටක මේ 5 බුවනෙකබාවන්ම විය හැකිය" යන අනුමානයට පැමිණිය හැකිය. 5 වන බුවනෙකබාවන් සීතාවක ආරම්භකයා වශයෙන් කටයුතු කළ රජතුමා බව හෙලි කෙරන මහාචාර්ය රිසිමන් අමරසිංහයන්ගේ පර්යේෂණ(බලන්න, මහාචාර්ය රිසිමන් අමරසිංහ ශූරීන්ගේ සීතාවක පිළිබඳ පර්යේෂණ මගින් අනාවරණය කරගත් තොරතුරු අනුව රචනා කර ඇති අගනා පර්යේෂණ නිබන්ධනය "සීතාවක උන්නතියේද අවනතියේද සමහර අංශ පිළිබඳ විමර්ශනයක්" 1998 කර්තෘ ප්‍රකාශනය) ද සැලකිල්ලෙන් කියවනවිට මැදගම වනාන්තරය වැනි ස්වාභාවික රැකවරණ සලසා ගත හැකි ප්‍රදේශයක් පිළිබඳ මේ රජුගේ අවධානය යොමුවන්නට ඇතැයි සිතීම සාධාරණය. සතුරු ආක්‍රමණ නිසා රාජධානි නිරිත දිගට සංක්‍රමණය වෙමින් පැවති යුගයක් වූ මෙකල මැදගම වනාන්තරය රජ දරුවන්ගේ රැකවරණයට වැදගත් වූ ප්‍රදේශයකි. කෙසේ වුවද කඳුකර රජ පෙළපතක් ගැන වෙනමම තොරතුරු ද මේ සමයේ දක්නට හැකි බව ගඩලාදෙනිය වැනිස්ථානවල ඇති ශිලා ලිපිවලින් පැහැදිලිවෙයි. ඒ අනුව "මැදගම්නුවර" හෝ "මැද්දෙගම්නුවර" පවතින්ට ඇති ප්‍රාදේශීය රාජධානියක් පිළිබඳ ඉඟි පුරාණ ලියවිල්ලේ මෙන්ම අලගියවන්න මුකවෙටි රචනා කළැයි සැලකෙන "කුස්තන්තීනු හටන" අනුවද අනුමාන කළ හැකිය. මේ මැදගම්නුවර හෝ මැද්දේගම්නුවර යනු උග්ගල් අලුත්නුවරට ආසන්නව ඊට උතුරෙන් දෙතනගල කඳු පාමුල අදත් සැඟව පිහිටියා වැනි ගම් පෙදෙසකි. බළන්ගොඩ පින්නවලට කිට්ටුව පිහිටි මැද්දේගම නමින් දැනට හඳුන්වන එය පුරාණ නුවරක් බවට ලිඛිත මෙන්ම ජනවහර අනුවද සාක්ෂි සැපයේ. (මෙහිද පුරාවිද්‍යා ගවේශන තවම සිදුවී නැත.) එය රාජධානියක්ව තිබියදී කොන්සතන්තීනු ද සා නොරොඤ්ඤා නමැති පෘතුගීසි සෙන්පතියා විසින් ගිනිබත් කර වනසා රජදරුවන් පළවා හැරි බව කියවේ. මද්දේගමට යන ගමන් මාර්ගයේ පිහිටි කණතිරියන්වෙල ශ්‍රී මහා බෝධිරායාණන් වහන්සේද ගිනිබත්කළ හෙයින් එදා සිට එය හැඳින්වෙන්නේ කොට බෝධිය වශයෙනි. 1620 දී පමණ සිදුවී ඇති මේ සටන් පිළිබඳ විස්තර කුස්තන්තීනු හටනේ දැක්වෙයි. එහි සඳහන් ආකාරයට මල්වාන, කුරුවිට, සපරපුර(රත්නපුර)නිවිතිගල, සංවාන(හංවාන)හරහා බළන්ගොඩ දක්වා පැමිණි නොරොඤ්ඤා ඇතුළු පිරිස එතැනින් මැද්දෙගමට පැමිණ රාජධානිය විනාශකර මග දිගට හමුවන ගම් බිම් ද ගිනිතබමින් ඉඹුල්පේ දක්වා පැමිණි බව කියවේ. මේ පැමිණි මග දෙනගංඔය නිම්නයයි. පුරාණ වලව්වල නෂ්ටාවශේෂ මෙන්ම තවමත් ඇති පුරාණවලව් කීපයක් වන අතර පුරාණයේ හිඳුවා ඇති බෝධීන් ද හමුවේ. ඉඹුල්පේට නුදුරු පස්සරමුල්ලේ ඇති එයින් එක් බෝධියක් හත්බෑව බෝධිය (කත් බෑව → හත්බෑව) නමි. එය පුරාණයේ කත් කරුවන් ගිමන් හැරි ස්ථානය ලෙස ජනප්‍රවාදයේ පවතී. එහෙත් මැදගම වනාන්තරයේ ඒ වන විටත් ඉදිව තිබූ උග්ගල් අලුත්නුවර දේවාලය හමුවී නැත. ඉඹුල්පේට ඉතා ආසන්න වුවද අලුත්නුවර පිහිටියේ උස්බිමක් සහිත ඝනවනාන්තරයකින් වැසීගෙන බැවින් රජමහා විහාරය හා දේවාලය මුණ ගැසී නැත. තවත් අතකින් මෙය ඒ වන විටත් ජනාවාස වෙමින් පැවති ප්‍රදේශයක් විය. ඒ බව පැහැදිලි වන්නේ මෙහි වැසි බොහෝ දෙනකු තම මීමුත්තන් නුවරින් පැමිණ පදිංචි වූ බවක් පවසන හෙයිනි. දැනටත් ප්‍රවේනි රාජකාරිවල යෙදෙන ඇතැමුන්ගේ වාසගම් වල "කෝට්ටයා කන්ද, උඩගම, පින්නවල, ඇටවකවෙල" වැනි පූර්වයේ යෙදෙන පද හඟවන්නේ ඒ අය මැදගම් නුවරින් පැමිණී අය වන බවකි. අද ද නෑකම් ඇති මැද්දේගම හා උග්ගල් අලුත්නුවර වැසියෝ වෙති. රොබට් නොක්ස් එදාහෙලදිව ගැන කරන විස්තර වල මහනුවර රාජධානියෙන් නිරිත දිග පෙදෙස් ඝන වනාන්තරයෙන් වැසී තිබුණ බවත්, වනය හෙලි කිරීම තහනම් කර ඒවා පාලනයට නිලධාරීන් පවා පත්කරතිබුණ බවත් හෙලිවෙයි. ඒ අනුව 1660 වැනි කාලයක වුව ද මේ පෙදෙස පැවත ඇත්තේ ඝනවානන්තරයට මැදිව බව පෙනේ. තවද පාරවල් විශාල සංඛ්‍යාවක් වුවද එකම පාරකවත් දෙදෙනකුට පේලි ගැසී යාමට නොහැකිබවත් එක්කෙනා පස්සේ එක්කෙනා බැගින් ආයුතු බවත් රොබට් නොක්ස් කියයි. රටේ අස්සක් මුල්ලක් නෑර රොබට් නොක්ස් ඇවිද ගියද කිසි දිනක මැදගම වනාන්තර පෙදෙසට පැමිණ ඇති බවක් නොකියවේ. 1385 යට කී සූරිය මහරජතුමා මැදගම දේවාලය කර ඇත්තේ ගැට්ටොපාන වන්නිරාල්ත් මැදගම බණ්ඩාරත් සැලකළ පුවත අනුවය. මේ 5 වන බුවනෙක බාවන් නම් මැදගම බණ්ඩාර යනු එවකට තිබූ මැද්දේගම රහස් මාලිගයේ සිටි ප්‍රාදේශීය නායකයා විය හැකිය. ගට්ටපාන වන්නිරාල යනු මැදගම දේවාලයට ආසන්නයේ පදිංචිව සිටි වනාරක්ෂක නිළධරියා විය හැකිය. බඩහැල වන්නියා යනුවෙන් ද හඳුන්වන කෙනෙකු බ්‍රාහ්මණයන් සමග දේවාභරණ පිළිගැනීමට ගිය බව ලේඛනය කියයි.

"https://si.wikibooks.org/w/index.php?title=උග්ගල්_අලුත්නුවර&oldid=7929" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි